මාලිංගගේ වික්‍රමයෙන් උණුසුම් වුන සමාජ මාධ්‍ය..

Anything you like.


ශ්‍රී ලංකා නවසීලන්ත තුන්වැනි විස්සයි විස්ස තරගය (6) නිමා වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දෙමිනි. 
ශ්‍රී ලංකාවේ ප්‍රබලතම වේගපන්දු ‍යවන්නා වන ලසිත් මාලිංග තම ප්‍රබලම දස්කම් දැක්වීමට සමත් වූයේ ලකුණු 6කට කඩුලු 5ක් දවා ගනිමිනි. එයට පිට පිට දවා ගත් කඩුලු 4ක් ඇතුළත් වූ අතර විස්සයි විස්ස තරග ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට ද ඔහු සමත් විය.  
මෙම කඩුලු ත්‍රිත්වය මාලිංග විස්සයි විස්ස තරගයක් තුල දවා ගත් දෙවන කඩුලු ත්‍රිත්වය වන අතර double hat-trick හෙවත් ද්විත්ව කඩුලු ත්‍රිත්වයන් දෙකක් ලබා ගත් ලොව එකම පන්දු ‍යවන්නා වීමට ද මාලිංග සමත් විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත තරග සංචාරය 2-1ක් ලෙස පරාජය විය
ලසිත්ගේ මෙම දක්ෂතා සමාජ මාධ්‍ය තුල විශාල අවධානයක් දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ දී ලකුණු 125ක් පමණක් ලබා ගත් නිසාවෙන් තරගය පිළිබඳව ජාත්‍යන්තර අවධානය ගිලිහී ගිය අතර මේ දිනවල පැවැත්වෙන අළුබඳුන තරගාවලිය සඳහා වැඩි අවධානයක් යොමුව තිබුණි. නමුත් මාලිංගගේ සුවිශේෂී පන්දු ‍යැවීම තරගයට ප්‍රබල අවධානයක් ලබා ගැනීමට සමත් විය. 
මාලිංග දවා ගත් කොලින් මුන්රෝගේ කඩුල්ල ඔහුගේ 100 වැනි විස්සයි විස්ස කඩුල්ල වන අතර එම දස්කම දැක්වූ ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වීමට ද මාලිංග සමත් විය. ඒ සමඟින් ජාත්‍යන්තර මාධ්‍ය අවධානය තරගය කරා යොමු විය. 


වීඩියෝව මෙහි ඇත
👇👇👇👇




Comments

Popular posts from this blog

සිංහයින් 🇱🇰 සමග තරග වැදීමට නියමිත පකිස්තාන 🇵🇰 cricket සංචිතය මෙන්න.

ලසිත් මාලිංගගෙන් ක්‍රීඩකයින්ට උපදෙස් රැසක්... වීඩියෝව සමග ,

Video – ඒක වාර්තා පොත් අලුත් කරපු සුපිරි ගනයේ පන්දු යැවීමක් – පිටියේ කතා